brand logo
logo
ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කෙරේ

ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කෙරේ

09 April 2024

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම යන ජන ක්‍රීඩාවල නම් වෙනස් කළ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.


ඒ අනුව එම ක්‍රීඩාවල නම් “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කර ඇත.


රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.


“වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස අවුරුදු තරඟ සංවිධායකයින් දැනුවත් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.


සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

More News..