මිරිස්ස වෙරළ තීරයේ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ගමන් මලු තොගයක් සොයාගැනේ
28 November 2026
මිරිස්ස වෙරළ තීරයේ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ගමන් මලු තොගයක් සොයාගැනේ
28 November 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගමන් මලු තොගයක් සිය භාරයට ගෙන තිබේ.
මාතර, මිරිස්ස තල්අරඹ වෙරළ තීරය ආශ්‍රිතව අද (28) මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
එහිදී සැකකටයුතු ගමන් මලු තොගය සොයාගෙන ඇති අතර, ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක්ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
අදාළ ගමන් මලුවල අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතය.


