brand logo
logo
 නීතිවිරෝධී යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට

18 July 2026



නීත්‍යානුකූල නොවන ලෙස ‍මුල් ආකෘතිය වෙනස් කර සකස් කර තිබු යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


හෝමාගම පොලීසියේ රථවාහන අංශය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


ඝෝෂාකාරී ලෙස අධික වේගයෙන් අනතුරුදායක ලෙස ධාවනයවන යතුරුපැදි පිළිබඳ හෝමාගම පොලීසියේ රථවාහන අංශය හෝමාගම අවට ස්ථාන කිහිපයක වැටලීම් සිදුකර තිබුණි.


එහිදී සයිලන්සර් ශබ්දය වෙනස් කළ,පැති කණ්නාඩි නොමැති, මඩ කවර නොමැති, අංක තහඩු නොමැති, ආලෝක රටා වෙනස් කළ යතුරුපැදි 16ක් පොලිස් භාරයට ගෙන තිබේ.


එම යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පැදිකරුවන් ඇප මත මුදාහැර තිබේ.


සැකකරුවන් ලබන 22 වනදින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් පරීක්ෂණ සිදුකරනු ලබයි.


 

More News..