අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරක
01 August 2026
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරක
01 August 2026
කැලිෆෝනියාහි සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේදී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව තිබේ.
යානය කඩා වැටීමට පෙර නියමුවා ආරක්ෂිතව ඉවතට පැන ඇති අතර, ඔහු සුළු තුවාල සහිතව රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
F-35B වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මෙලෙස කඩාවැටී ඇති බව සඳහන්.
අනතුර හේතුවෙන් අවට වනාන්තර ප්‍රදේශයක ගින්නක් ද හටගෙන තිබේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

