පරාජයේදී සැඟවෙන අයට ජයක් ලැබීමට සුදුසුකම් ඇත්තේද?්
21 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ එංගලන්තයේ සිට...
පරාජයේදී සැඟවෙන අයට ජයක් ලැබීමට සුදුසුකම් ඇත්තේද?්
21 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ එංගලන්තයේ සිට...
එංගලන්තයට පන්දුවාර 20 ලෝකයේ අංක එක ස්ථානය තහවුරුකර දෙමින් ශ්‍රී ලංකාව තරග තුනක් අවසන ජයග්‍රහණ බිංදුවට වැටුනේය.
තමන්ගේ මෙම පන්දුවාර 20 ජවය අභිබවන්නට තබා,තමා හා කරට කර ඒමටවත් හැකි කණ්ඩායමක් ලොව තවත් නැති තරමටම මේ වකවානුවේ එංගලන්තය සිටිනුයේ මහා ඉහළකිනි. ඒ ගැන විවාදයක් නැත. පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීමේ 8 වැනි තැන පසුවෙමින්, එංගලන්තයට පැමිණ මේ දැවැන්ත එංගලන්ත හැකියාවට අභියෝග කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම අරුමයක් නොවේ.
සමස්ත තරගාවලියේදී එංගලන්තය කඩුලු 10ක් දැවී ලකුණු 526ක් ලබාගනිද්දී, ශ්‍රී ලංකාව කඩුලු 29ක් දැවී ලබාගත්තේ ලකුණු 404ක් පමණි. මෙම තරගාවලියේදී එංගලන්තය පන්දුවාරයකට 12.57ක ලකුණු සාමාන්‍යයක් වාර්තා කරද්දී, ශ්‍රී ලංකාවට හැකිවූයේ පන්දුවාරයකට ලකුණු 6.89ක සාමාන්‍යයක් රඳවා ගැනීමටය. ඉතින් තවත් කුමන කතාද... එවැනි දල ලකුණු වේගයකින් එංගලන්තය සමග කුමන ජයග්‍රහණ ද...
මෙවන් තත්ත්වයකදී පරාජය අමුත්තක් නොවුණිද, පරාජයට ශ්‍රී ලංකාව මුහුණදුන් ආකාරයේ අමුත්තක් තිබුණි.
මේ පරාජය වූ තරග තුනෙන් පළමුවැන්න හැරුණු විට සෙසු තරග දෙකෙහිදීම, තරගයෙන් පසු පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කිරීමට පැමිණියෝ ශ්‍රී ලාංකිකයෝ නොවූහ. පළමු තරගය අවසානයේද ශ්‍රී ලංකාව වෙනුවෙන් මාධ්‍යය හමුවට පැමිණියේ, කණ්ඩායමේ කනිෂ්ඨයකු වන දුනිත් වෙල්ලාලගේය.
එම අවසන් අවස්ථා දෙකෙහිදීම අදාළ මාධ්‍ය හමුවෙත ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉදිරිපත් වූයේ පුහුණු කාර්ය මණ්ඩලයේ සිටින විදේශිකයන්ය. අවසන් තරගයේ මාධ්‍ය හමුවට පැමිණියේ පුහුණුකරු ගැරී කර්ස්ටන්ය. මෙම තරගාවලිය ආවරණය කිරීම වෙනුවෙන් එහි ගොස් සිටි ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ගැරී උත්තර බැන්දේ දැඩි නොරිස්සුම්කමකිනි. පිත්තෙන් කඩුල්ලට ගසාගෙන අමුතු ලෙසින් කඩුලු පුදන තම ගෝල(බාලයන්) ගැන කටුක යථාර්ථය විමසීම ඔහුට නොරුස්සන්නට ඇත. නමුත් රටක් නියෝජනය කරන කණ්ඩායමක ඇති අවුල, රටේ පාඨකයන්, ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විමසීම නොරිසි වන්නේ කෙසේද?
ගැටලුව වන්නේ එයද නොවේ. මේ පරාජයන් හමුවේ කණ්ඩායමේ නායකයන් සහ ජ්‍යෙෂ්ඨයන් මාධ්‍ය මගහැර පලායෑමය.
මෙයට පෙර දසුන් ශානක නායකත්වය දරද්දී, ශ්‍රී ලංකාව ජයගත් විට එම ජයග්‍රහණයේ ඉහළම දායකත්වය දැරූ ක්‍රීඩකයා මාධ්‍ය හමුවට එවා, පරාජයකදී නායකයා ලෙසින් තමා මාධ්‍ය හමුවට විත් පරාජයේ වගකීම දරාගෙන පිළිතුරු බැන්දේය. නමුත් ඒ පෞරුෂය, ඒ ගුණය කණ්ඩායමෙන් ගිලිහී ගොස් ඇති සෙයකි. රටේ පරාජයකදී, තාවකාලික වගකීම් දරන නොරටුන් පෙරට දමා රටේ සැබෑ නියෝජනය සැඟවෙන අයුරකි. පරාජයේදී මාධ්‍යයට මුහුණදීමට ඇති අකමැත්ත තරමටම, පරාජය ලැබීමටද අකමැති වන්නේ නම් ..........

