වන්නිලැත්තෝ දඹදිව වන්දනා චාරිකාවක
25 August 2026 | කටුනායක ටී.කේ.ජී.කපිල
වන්නිලැත්තෝ දඹදිව වන්දනා චාරිකාවක
25 August 2026 | කටුනායක ටී.කේ.ජී.කපිල
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ , සිය නායකත්වයට පත් වීමෙන් පසු , පළමු වරට දඹදිව වන්දනා චාරිකාවක නිරත වීම සදහා අද (25) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
වන්නිලැත්තන් සමග එතුමාගේ ආරක්ෂක නිලධාරීවරයා , භාෂා පරිවර්තකවරයා මෙන්ම බාල පුත් ඌරුවරිගේ කලු බණ්ඩියා ද මෙම චාරිකාව සදහා එක් වී සිටියහ .
වන්නිලැත්තන් නායකත්වයට පත් වීමට පෙර , එනම් මීට වසර 20 කට පෙර එක් වරක් දඹදිව වන්දනා චාරිකාවක නිරත වී තිබුණි .
මෙම වන්දනා චාරිකාව , පෞද්ගලික වන්දනා චාරිකා ආයතනයක් මගින් සංවිධානය කර තිබූ අතර , එම ආයතනය විසින් වන්නිලැත්තන් ඇතුළු පිරිසට ද මේ සදහා එක් වන ලෙස ආරාධනා කර තිබූණි . මෙම පිරිස 08/25 දින සිට 09/06 දින දක්වා මෙම වන්දනා චාරිකාවේ නිරත වීමට නියමිතය .
මෙම චාරිකාව සදහා වන්නිලැත්තන් ඇතුළු පිරිස මී පැණි , විළද ඇතුළු පූජා භාණ්ඩ රාශියක් ද රැගෙන විත් තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළ බෑග් අලෙවි සැළකින් , තම බඩුබාහිරාදිය දමා ගැනීම සදහා , වන සතුන්ගේ රුව සිතුවම් කර තිබූ , රෙදි වලින් මසන ලද , පරිසර හිතකාමී , කරෙහි එල්ලා ගෙන යා හැකි බෑගයක් ද මිළදී ගත්තේය .
මෙම පිරිස ඇතුළු 50 දෙනෙකුගෙන් සමන්විත සමස්ථ වන්දනා නඩය 08/25 දින පස්වරු 02.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ .

