විදුලිසැර වැදී තරුණයින් දෙදෙනෙක් මරුට
29 November 2026
විදුලිසැර වැදී තරුණයින් දෙදෙනෙක් මරුට
29 November 2026
මඩකලපුව, කරුවප්පංකේණි ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවසක ඉහළ මහලේ වහලයේ අලුත්වැඩියා කටයුතුවල නිරතව සිටියදී ඔවුන් දෙදෙනා මෙලෙස විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
නිවසේ වහලයට ඉහළින් ඇද තිබූ අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පළමුව එක් තරුණයෙකුට විදුලිසැර වැදී ඇති අතර, ඔහු බේරා ගැනීමට උත්සාහ කළ අනෙක් තරුණයාටද විදුලිසැර වැදී ඇත.
විදුලිසැර වැදීමෙන් තරුණයින් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


