brand logo
logo
මාකොළ සොරකමට සම්බන්ධ 25 හැවිරිදි තරුණයා සපුගස්කන්ද පොලිසියට කොටුවේ

මාකොළ සොරකමට සම්බන්ධ 25 හැවිරිදි තරුණයා සපුගස්කන්ද පොලිසියට කොටුවේ

08 November 2026


මාකොළ , ගල්පොත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ දෙමහල් නිවෙසකින් රුපියල් දහනව ලක්ෂ හතලිස් පන් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කරන ලද තරුණයෙකු සපුගස්කන්ද පොලිසිය මගින් අද (08)අත්අඩංගුවට ගෙන ඇත. 


මෙම සොරකම සිදු වි පැය පහක් පමණ ගතවීමට මත්තෙන් පොලිසියට ලද තොරතුරක් මත සැකකාර තරුණයා එම රන් ආභරණත් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවිය. 


අද අලුයම නිවැසියන් නිවසේ නිදා සිටියදී සැකකරු නිවසේ ජනේලයක් කඩා ඇතුළු වි මේ සොරකම සිදු කර තිබෙන අතර නිවැසියන් අවදිවීමත් සමගම ඔහු පැන ගොස් තිබේ.


ඒ සමගම මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමත් සමගම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් විසින් සොරකම සිදු වි පැය පහක් ගතවීමට මත්තෙන් එම රන් ආභරණ සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.. 


අත්අඩංගුවට ගත් සැකකරු මාවරමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.


 

More News..