brand logo
logo
නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් අරඹයි

නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් අරඹයි

22 August 2026

 ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.


ඇගේ දේහය රැගත් රිය පෙරහැර රාජගිරිය පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් ආරම්භ කෙරෙන අතර එහිදී පස්වරු 5ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.


එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා අවසන් දිනය වූ අද (23) දිනය දක්වා නාවල විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබුණි.


එහිදී ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින්, මහජනතාව ඇතුළු රැසක් එක්වූ අයුරුද දක්නට ලැබුණි.


නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් රජය විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද පියවර ගනු ලැබූ අතර ඒ අනුව පසුගිය 21, 22 සහ අද දිනය දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කෙරිණි.

ඇගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධව ගෙන එන සජීව විකාශය පහතින්,



 

More News..