Best News Website award
brand logo
logo
  පෑලියගොඩ මාළු මාකට් එක නවීකරණයට පියවර

පෑලියගොඩ මාළු මාකට් එක නවීකරණයට පියවර

22 November 2026


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ලොව ආදර්ශමත් වෙළෙඳසැලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.


ගාල්ල ධීවර වරායේ නව මත්ස්‍ය වෙන්දේසි ශාලාව සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වූ අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දිවයිනේ විශාලතම තොග මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය වන පෑලියගොඩ සංකීර්ණයේ දැනට පවතින අඩුපාඩු සියල්ල පිළිබඳව සොයා බලා ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට දැනටමත් මුදල් වෙන්කර ඇති බවය.


එමෙන්ම මෙරට බොහෝ ධීවර වරායන් අපිරිසිදු ස්ථාන බවට පත්ව ඇති බවත් පැවසීය.


තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


"ගොඩක් වරායන් අපායක් වගේ. ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳසැල වන පැළියගොඩ වෙළෙඳසැල ඇතුළට යන්න බෑ ගඳයි. අපි මාළු ගෙනත් කන්න යන තැන ගඳ ඉවසන්න බෑ. දරුවෝ කියයි අපට නම් මාළු එපා කියලා.


මේ පිළිබඳ සොයා බලා ඉදිරියේදී පෑලියගොඩ මස්ත්‍ය වෙළෙඳපොළ හොඳම මාළු මාකට් එකක් කරනවා. ලෝකයටම ආදර්ශයක් ලබාදිය හැකි මාළු මාකට් එකක් බවට පරිවර්ථනය කළ යුතුයි කියලා මුදල් වෙන්කරලා තියෙන්නේ" යැයි පැවසීය.

 

More News..