brand logo
logo
කතරගම දේවාලයේ ජල නල පද්ධතිය අලුත්වැඩියා කෙරේ

කතරගම දේවාලයේ ජල නල පද්ධතිය අලුත්වැඩියා කෙරේ

11 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල


1975 වර්ෂයේදී ස්ථාපිත කරන ලද කතරගම දේවාලය ඇතුළු පුදබිමට ජලය සපයන ජල නල පද්ධතිය අලුත්වැඩියා කිරීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න පියවර ගෙන ඇත.


කලක පටන් පැරණි ජල නළ පද්ධතියේ ස්ථාන කිහිපයකම ජල කාන්දුවීම් සිදුවන බව නිරීක්ෂණය වීම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහාය ඇතිව කතරගම දේවාලයේ යන්ත්‍ර සූත්‍ර සහ මූල්‍ය පහසුකම් යොදා ගෙන එය නවීකරණය කර ජල නල එලීම ඊයේ (10) වෙනිදා ආරම්භ කෙරිණි.


එම ජල නල පද්ධතිය පිළිසකර කිරීමෙන් අනතුරුව ගෝතමීගම ප්‍රදේශවාසීන්ටද පිරිසිදු ජලය ලබා ගැනීමට හැකිවේ.


එහි වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට නිලමේවරයා සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීහු සහභාගී වූහ.


 

More News..