මධ්යම බෙංගාල බොක්ක මුහුදු ආශ්රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ
22 October 2026
මධ්යම බෙංගාල බොක්ක මුහුදු ආශ්රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ
22 October 2026
හෙට (23) දිනය වනවිට ගිනිකොණ දිග සහ ඊට යාබඳ නැගෙනහිර - මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

