brand logo
logo
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

08 October 2026

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ දිදුලන ක්‍රීඩා තරු බවට පත්කිරීමට ඉවහල් වන පසුබිම සැකසීමේ තම දීර්ඝ කාලීන කැපවීම නැවත වරක් සනාථ කරමින්, ජපානයේ Achi Nagoya නගරයේ පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහි ජයග්‍රහණ ඉලක්කය කරා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තම සාඩම්බර සවිබලය පිරිනමනු ලබයි. 


දැඩි අධිෂ්ඨානයෙන් හා ක්‍රීඩාවේ ශික්ෂණයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ මව්බිම නියෝජනය කිරීමේ අදිටනෙන් යුතුව මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් සමාගම මෙවරද ඔවුන්ට සවිය පිරිනමයි. එකිනෙකට වෙනස් මාවත්වලින්, ජාත්‍යන්තර පිටියේ ජය දද නංවන්නට එක්වුණු මෙම ක්‍රීඩික ක්‍රීඩාකාවන් සතු වටිනාකම, ඔවුන්ගේ පදක්කම් වාර්තා අභිබවන බව ඩයලොග් සමාගමේ අදහසයි. ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහි ශ්‍රී ලංකා ධජය ලෙලදවීමේ අධිෂ්ඨානය පෙරදැරිව එකම කණ්ඩායමක් වෙමින්, වෙනස් ශාරීරික හැකියාවන්, ජීවිත අත්දැකීම්, අභියෝග මෙන්ම වෙනස් අභිලාෂ පරදා, තරග බිමේ ජයග්‍රහණ අරමුණ කරා නොසැලී ඉදිරියට යාමේ පොදු කැපවීම සහ ධෛර්යය, ඩයලොග් මෙම කණ්ඩායම තුළින් අගයන වටිනාකමයි. 

වසර 26ක් පුරා ශ්‍රී ලාංකීක පැරාලිම්පික් ක්‍රීඩාව වෙනුවෙන් සාඩම්බර අනුග්‍රහය දක්වන ඩයලොග්, මෙවරත් මෙම ජාත්‍යන්තර තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වැල සැපයීමෙන් විදහා දක්වන්නේ, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර පිටියේ තම මව්බිම නියෝජනය කිරීමට අවස්ථා උදාකර දීමේ සුවිශාල කැපවීමයි. ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට මෙලෙස ලබාදෙන අඛණ්ඩ සහයෝගය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර පිටියේ අවස්ථා උදාකර දීමටත්, ඔවුන්ගේ දක්ෂතා ඇගයීමටත් වන එම දීර්ඝ කාලීන කැපවීමේ කොටසකි.


“තම අධිෂ්ඨානය, ශක්තිය සහ කැපවීම තුළින් මව්බිමට අඛණ්ඩව ආශ්වාදයක් වන විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්වන මොහොතේ, ඔවුන් වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට හැකිවීම ගෞරවයක් විදිහට අපි සලකනවා. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකාවට කීර්තිය අත්කර දීමට දරන උත්සාහයේදී, ඔවුන්ගේ එම විශිෂ්ටත්වය කරා වන ගමන සවිබල ගැන්වීම, ඩයලොග් අපිට සාඩම්බර සතුටක් ගෙන දෙන කාර්යභාරයක්.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය.


ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායම, පැරා බැඩ්මින්ටන්, පැරා පිහිනුම්, පැරා මේස පන්දු, රෝද පුටු ටෙනිස් සහ පැරා වෙඩි තැබීමේ ඉසව්වලින් මින් පෙර තම දක්ෂතා විදහා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වන අතර පෙර දැක්වූ දක්ෂතා අභිබවා යමින්, ජාත්‍යන්තර පිටියේ පදක්කම් සමඟින් ශ්‍රී ලංකා සලකුණ සනිටුහන් තැබීම වැඩිදෙනාගේ අපේක්ෂාවයි.


මේ අතරෙන්, 2022 වසරේ Hangzhou හි පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනූ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සමිත දුලාන් කැපී පෙනේ. පාලිත බණ්ඩාර 2018 වසරේ ජකර්තා හිදී සහ 2022 වසරේ Hangzhou උළෙල දෙකේදීම පදක්කම් දිනා ඇති තවත් පළපුරුදු මලල ක්‍රීඩකයෙකි. 

නුවන් ඉන්දික Hangzhou හිදී මීටර 100 ඉසව්වෙන් රන් පදක්කමක් සහ දුර පැනීමෙන් රිදී පදක්කමක් දිනා විශිෂ්ට වාර්තාවක් තබා ඇති ක්‍රීඩකයෙකි. ප්‍රදීප් සෝමසිරි ආසියානු පැරා ශූරයෙකු ලෙස නැවත කණ්ඩායමට එක්ව සිටින්නේ, මින් පෙර මීටර 1,500 ඉසව්වේ රන් පදක්කම සතු කර ගැනීමෙන් පසුවය. 

Hangzhou හිදී, කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනූ ධනංජනා වික්‍රමසිංහ ඒ ජයග්‍රහණයේ තවත් පියවරක් ඉදිරියට යාමට බලාපොරොත්තු වන අතර, මීටර 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් මධුරංග සුබසිංහද කණ්ඩායමේ නැවත සිටී.


මලල ක්‍රීඩාවෙන් ඔබ්බට විහිදුණු ශ්‍රී ලංකාවේ පදක්කම් අතරට, පිහිනුම් ක්‍රීඩක නවීද් රශීන් Hangzhou හිදී මීටර 400 නිදහස් ආර ඉසව්වෙන් හිමි කරගත් ලෝකඩ පදක්කමක්ද අයත් අතර, එහි කාන්තා තරගයේ රීදී පදක්කමට හිමිකම් කියන ලද්දේ, නදීන් බස්නායකයි.  

‍2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී බුද්ධික ඉන්ද්‍රපාලද මෙවර කණ්ඩායමට ඇතුළත්ය.


ඒ අනුව, මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම, පෙර ආසියානු පැරා ක්‍රීඩා උළෙලවලදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් සමන්විත වේ. ආසියානු පැරා ක්‍රීඩා පිටියේ ඔවුන් ලද පූර්ව අත්දැකීම්, 2026 අභියෝගය හමුවේ ඔවුන්ට සුවිශාල ශක්තියක් වනු ඇති බව නොඅනුමානය. 

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරා ක්‍රීඩා උළෙල සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම්වලද ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ද සමාගම කටයුතු කරනු ලබයි. හෙට දින ශූරයන් බලගැන්වීමේ සිය දැක්මට අනුකූලව ඩයලොග් සමාගම, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවලිය සහ පාසල් රග්බි තරගාවලිද බලගන්වනු ලබයි. තවද, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ඇති හවුල්කාරිත්වය හරහා ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල කරා යන ශ්‍රී ලංකාවේ ගමනටද ඩයලොග් සමාගම අඛණ්ඩව ශක්තිය සපයයි.



ශ්‍රී ලංකා 2026 ආසියානු පැරා ක්‍රීඩා කණ්ඩායම

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

පැරා මලල ක්‍රීඩා: කේ.ඒ. සමිත දුලාන් – පිරිමි F44 හෙල්ල විසිකිරීම, එච්.ජී. පලිත බණ්ඩාර – පිරිමි කවපෙත්ත විසිකිරීම /යගුලිය, සී.එන්. බුද්දික ඉන්ද්‍රපාල, එම්.ජී. නුවන් ඉන්දික – පිරිමි මීටර 100, එස්.එම්.ඒ.එස්. මධුරංග සුබසිංහ – පිරිමි මීටර 400, පී.ඩබ්ලිව්. ප්‍රදීප් සෝමසිරි; ඩී.ඩී.බී. හේෂාන් ප්‍රනාන්දු, එස්.එම්. දේශාන් සිල්වා; ඒ.පී. තීක්ෂණ ජයතිලක; එම්.එස්. මොහොමදු සෆ්රාන්, වයි. මොහොමඩ් සල්මාන්, ඩබ්ලිව්.ඒ.ජේ. ධනංජනා වික්‍රමසිංහ – කාන්තා මීටර 100/දුර පැනීම, ජේ.එම්.එස්. ස්වර්ණමාලි ජයසුන්දර

පැරා බැඩ්මින්ටන්: එම්.කේ. සංජීව පෙරේරා

පැරා පිහිනුම්: වයි.ඒ.ජී.සී. නදීන් බස්නායක, ආර්. නවීද් රශීන්

පැරා මේස පන්දු: පී.ඩී.එස්. දිනේෂ් දේශප්‍රිය, වලිමුණිගේ මුනිදාස

රෝද පුටු ටෙනිස්: ඩී.එස්. රංජන් ධර්මසේන; ඩී.එම්. ගාමිණී

පැරා වෙඩි තැබීම: නිරංජලා රණසිංහ මෙනවිය


නිලධාරීන් සහ සහායක කාර්ය මණ්ඩලය

මෙහෙයුම් ප්‍රධානී: බ්‍රි. ඩී.කේ. අලුදෙණිය (විශ්‍රාමික)

පරිපාලන නිලධාරිනී : එම්.කේ.පී. ද සිල්වා මෙනවිය

පැරා මලල ක්‍රීඩා: කළමනාකරු, ලුතිනන් කර්නල් එල්.ආර්.ටී.ඩී. හේරත් (විශ්‍රාමික) 

පුහුණුකරු ඒ.බී.පී.එන්. අප්පුහාමි, 

පුහුණුකරු:ජී.එල්.එස්. ජයලාල් 

පුහුණුකරු: යූ.පී.ඩී. පෙරේරා 

පුහුණුකරු: බී.එම්.එස්.එන්. සෙනරත්,

පැරා බැඩ්මින්ටන්: කළමනාකරු - කර්නල් එම්.එන්.කේ. කුමාර, 

පැරා පිහිනුම්: කළමනාකරු -මේජර් ඒ.එස්.එම්.සී.කේ. අර්ථනායක – 

පුහුණුකරු: එම්.ඩී. අබේසිංහ 

පැරා මේස පන්දු: කළමනාකාරිනී - පී.එම්.එන්.ඩී.කේ. වාරියපොළ, 

පුහුණුකරු- පී.ඩී.එස්. නුවන් සම්පත් 

රෝද පුටු ටෙනිස්: කළමනාකරු - මේජර් ජෙනරාල් එච්.ආර්. වික්‍රමසිංහ (විශ්‍රාමික) 

ප්‍රධාන කණ්ඩායම් වෛද්‍ය : සී.ඒ. එදිරිසිංහ

සම්බාහක: රුවන් වනිගසේන 

පැරා වෙඩි තැබීම:

කළමනාකරු-කර්නල් සමන්ත කුමා

 

More News..