සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පැවැත්වෙන උපකාරක පන්ති දෙසැම්බර් 02 සිට තහනම්
28 November 2026
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පැවැත්වෙන උපකාරක පන්ති දෙසැම්බර් 02 සිට තහනම්
28 November 2026
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන උපකාරක පන්ති, එළඹෙන දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය නිමාවට පත්වන තෙක් තහනම් කර තිබේ.
එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එය දෙසැම්බර් 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වෙනු ඇත.


