එල් නිනෝ ප්‍රබල වීමේ සම්භාවිතාව 81%ක්
17 July 2026 | •සාලිය කුමාර ගුණසේකර
එල් නිනෝ ප්‍රබල වීමේ සම්භාවිතාව 81%ක්
17 July 2026 | •සාලිය කුමාර ගුණසේකර
මෙම වසරේ නොවැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල වේ සම්භාවිතාව අසූ එකක් (81%) බවත් මේ අනුව එම කාලයේදී මෙරටට තද වැසි ඇතිවීමේ හැකියාව වැඩි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවැසීය.
ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ දත්ත අනුව එල් - නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට නොපැමිණීමේ හැකියාව තුනෙන් එකකි.
මේ අතර ජලාශවල පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ නම් ඉදිරි යල කන්නයේ වගා කටයුතු සඳහා වාරි ජලය සපයා ගැනීම සම්බන්ධව ගැටලුවක් මතු නොවනු ඇතැයි ද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

