brand logo
logo
මාතර තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් තොගය

මාතර තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් තොගය

24 October 2026


මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේදී අද (24) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 475කට අධික තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.


ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදී, නාඔටුන්න වෙරළතීරයේ තිබූ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක් සහ ගමන් මලු 11ක් සමඟ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයෙහි අයිස් මත්ද්‍රව්‍ය 200කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275කට අධික තොගයක් ඇති බවට තහවුරු විය.


එම මත්ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

More News..