2026 වසරේ මාස 7 තුළ වනඅලි මරණ 180ක්
14 July 2026
2026 වසරේ මාස 7 තුළ වනඅලි මරණ 180ක්
14 July 2026
සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරේ ගෙවුණු මුල් මාස 7 තුළ පමණක් වනඅලි මරණ 75ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වෙඩි තැබීම් හේතුවෙන් වන අලි මරණ 30ක් ද, අනවසර විදුලි රැහැන්වල ගැටීමෙන් මරණ 23ක්, හක්ක පටස් ආහාරයට ගැනීම හේතුවෙන් මරණ 19ක් සහ විශ ශරීරගත වීම් හේතුවෙන් වනඅලි මරණ 3ක් ද වාර්තා වී ඇති බවයි.
එමෙන්ම ගත වූ කාලය තුළ දුම්රියේ ගැටීම් හේතුවෙන් වනඅලි මරණ 2ක් ද රථ වාහන අනතුරුවලින් මරණ 4ක්, වගා ලිංවලට වැටීමෙන් මරණ 6ක් මෙන්ම වෙනත් අනතුරු හේතුවෙන් වනඅලි මරණ 3ක් සිදුව තිබේ.
ඒ අනුව සෘජු මිනිස් ක්‍රියාකාරකම්, අනතුරු සහ ස්වාභාවික හේතූන් මත අදාළ කාලය තුළ වනඅලි මරණ 180ක් සිදුව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ යටතේ නැගෙනහිර වනජීවී කලාපයෙන් වැඩිම වනඅලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 44ක් වේ.
ඊට අමතරව අනුරාධපුර, පොළොන්නරුව යන වනජීවී කලාපවලින් ද, ඉහළ වනඅලි මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බව සදහන්.
එමෙන්ම වනඅලි පහරදීම් හේතුවෙන් මේ වසරේ මුල් මාස 7 තුළ පුද්ගල මරණ 56ක් සිදුව ඇති බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

