ක්‍රීඩා අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ක්‍රීඩා අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ක්‍රීඩා අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්. මුල් අදියර ටොරින්ටන් ක්‍රීඩාංගනය ආශ්‍රිතව. දෙවන අදියර දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ. ඒ සඳහා රු.මි. 300ක්.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ හා සුගතදාස ධාවන පථය ඉදිකිරීම සඳහා රු. මිලියන 1,500ක්.
අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ මී. 400 කෘත්‍රිම ධාවන පථය ඇතුළු ඉදිකිරීම සඳහා වෙන්කර ඇති රු.මි. 50, රු.මි. 1,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා.
ජාත්‍යන්තර ක්‍රීඩා තරගවල ජයග්‍රහණ වෙනුවෙන් ඇගයීම් දීමනා
ඔලිම්පික් රන් පදක්කම - රු.මි. 100
ලෝක මලල ක්‍රීඩා රන් පදක්කම - රු.මි. 100
පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම - රු.මි. 75
ආසියානු රන් පදක්කම - රු.මි. 50
සාර්ක් රන් පදක්කම - රු.මි. 15
මීට අනුරූපීව එම තරගවල රිදී හා ලෝකඩ පදක්කම් සහ සෙසු ජාත්‍යන්තර තරග වෙනුවෙන් ද ඇගයීම දීමනා ලබාදීමට යෝජනා.
පාසල් ළමුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා රු. මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරන බව 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි


