brand logo
logo
යට ගිය නඩු යළි අදී - විමර්ශන නව මුහුණුවරකින්

යට ගිය නඩු යළි අදී - විමර්ශන නව මුහුණුවරකින්

30 November 2024 | ඉෂාර රත්නකාර

ඉකුත් රජයන් සමයේ මන්දගාමී අයුරින් විමර්ශන කෙරුණු දේශපාලනඥයන්, ප්‍රභූවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් රැසක් සම්බන්ධ නඩු රැසක විමර්ශන නව මුහුණුවරකින් ඇරඹීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ඇතුළු විශේෂ පොලිස් ඒකක තීරණය කර තිබේ.


ඒ අනුව ඊට අදාළ නඩු ගොනුවල සහතික පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ විශේෂ පොලිස් ඒකකවල නිලධාරින් අධිකරණ මගින් මේ දිනවල ගැනීමට කටයුතු කරමින් සිටින බව ‘සති අග අරුණ’ ට වාර්තා වේ. රාජ්‍ය දේපොළ වංචා කිරීම සහ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින් රැසකට චෝදනා එල්ල විය. ඊට අදාළ නඩු රැසක් මේ වනවිටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයක විභාග වෙමින් පවතියි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් විමර්ශන ඒකක මගින් එම නඩුවලට අදාළව පැවැත්වූ ඇතැම් විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකර වසර ගණනාවක් ගතවුවත් මෙතෙක් නීතිපති උපදෙස් නොලැබුණු අවස්ථා රැසක් තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය. එම නඩුවලට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා නීතිපති උපදෙස් කඩිනමින් ලබාදෙන ලෙස අධිකරණ මගින් නීතිපතිවරයා වෙත සිහි කැඳවීම් රැසක්ද මේ වනවිට යොමුකර තිබේ.

 

More News..