brand logo
logo
බැසිල්ට අයත් බව කියන මාතර ඉඩම ක්‍රියා විරහිත කරමින් නියෝගයක්

බැසිල්ට අයත් බව කියන මාතර ඉඩම ක්‍රියා විරහිත කරමින් නියෝගයක්

06 October 2026


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩම ක්‍රියා විරහිත කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.


උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද පස්වරුවේ කරුණු වාර්තාකර තිබුණි.


ඒ අනුව දින 14ක කාලයක් සදහා අදාළ ඉඩම ක්‍රියාවිරහිත කර ඇති අතර ඒ පිළිබද හිමිකම් ඉදිරිපත් කිරීමට එම කාලය ලබා දී තිබේ.

 

More News..