අමාත්ය අනිල් ජයන්ත සහ IFC කලාපීය උප සභාපති අතර සාකච්ඡාවක්
30 October 2026
අමාත්ය අනිල් ජයන්ත සහ IFC කලාපීය උප සභාපති අතර සාකච්ඡාවක්
30 October 2026
කම්කරු අමාත්ය සහ මුදල් ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ජාත්යන්තර මූල්ය සංස්ථාවේ කලාපීය උප සභාපති Sarvesh Suri මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (30) මුදල් අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී මෙරට මුල්ය ක්ෂේත්රයේ සංවර්ධනය සහ රටේ ආර්ථිකය තිරසාර හා සියලු දෙනාට ප්රතිලාභ සැලසෙන ආකාරයෙන් වර්ධනය කිරීම සඳහා ජාත්යන්තර මූල්ය සංස්ථාවේ සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමුව තිබේ.
තවද මෙරට උපායමාර්ගික සංවර්ධන ව්යාපෘති සඳහා ජාත්යන්තර මූල්ය සංස්ථාවේ දායකත්ව ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
විශේෂයෙන් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ ප්රවාහන හා සැපයුම් ක්ෂේත්රයන්හි සංවර්ධනය සඳහා අවශ්ය ආයෝජන සහ මූල්ය සහාය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
සාම්ප්රදායික බැංකුකරණ ක්රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් රටේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කරගත් මූල්යකරණ ක්රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මෙරට මූල්ය පද්ධතිය ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ජාත්යන්තර මූල්ය සංස්ථාව සමග සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

