විදුලි සැර වැදීමෙන් වන අලි පැටියෙකු මිය යයි
11 October 2026 | වසන්ත චන්ද්‍රපාල-අම්පාර
විදුලි සැර වැදීමෙන් වන අලි පැටියෙකු මිය යයි
11 October 2026 | වසන්ත චන්ද්‍රපාල-අම්පාර
අලි මිනිස් ගැටුම අම්පාර අලුත් දෙයක් නොවේ දිනපතාම අලින් මියයන විස්තර රටපුරාම වාර්තාවේ අලිමෙන්ම මිනිස් ජීවිතද මෙම ගැටුම තුල විශාල වශයෙන් විනාශ වි ගොස් තිබේ.
එවන් අවස්ථාවක තවත් අලි පැටියෙක් විදුලිය සැර වැදි මියගොස් ඇති බව අම්පාර අරන්තලාව ගම්මානයෙන් වාර්තාවේ.
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොලිස් බල ප්‍රදේශයේ අරන්තලාව ගම්මානයේදි වන අලි පැටියෙක් මියගොස් ඇති බව වනජීවි නිළධාරින් පවසයි.
මෙම වන අලියා මියගොස් ඇත්තේ විදුලිය සැර වැදිමකින් බව පැවසේ මියගිය අලිපැටියා වයස අවරුදු 5 ක් වන බවද වනජිවි නිළධාරින් සදහන් කරයි.
මෙම වන අලියාට අනවසර විදුලිය දැමු සැකකරු අත් අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරින් සමත්වි තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
නැගෙනහිර වනජීවි සහකාර අධ්‍යක්ෂක එච්.ජී.වික්‍රමතිලකගේ උපදෙස් පරිදි මහ්‍ය අලි පාලන ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

