brand logo
logo
කඩුවෙල, බියගම, කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

කඩුවෙල, බියගම, කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

03 August 2026


කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට සැලකිය යුතු මට්ටමේ අධික වර්ෂාපතනයක් ලැබී ඇත. 


ඵම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පිළිබඳ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 


ඒ අනුව දොම්පේ, සීතාවක, හෝමාගම,කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.


එසේම පවතින පුරෝකථනයන් අනුව ඉදිරියේදී අධි තීව්‍රතාවකින් යුතුව වර්ෂාව ඇති විය හැකි බැවින් ගඟෙහි ජලමට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්, ගංඟාව පරිහරණය කරන්නන්ගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටී. 

 

More News..