brand logo
logo
 දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

26 September 2026


දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.


මෙම මස ඉකුත් 11වැනිදා අදාළ අත්බෝම්බ ප්‍රහාරය එල්ලකර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය යටතේ මෙම සැකකරුවන් හඳුනාගෙන තිබේ.


මෙම අපරාධය සිදුකල ප්‍රධාන සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 17 වැනිදා රිදීමාලියද්ද, දෙහිවල හා බොරැලැස්ගමුව පොලිස් වසම්වලදී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.


ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකපිට මෙම සැකකරුවන් දෙහිවල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.


මෙහිදී එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 960ක් සහ අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක්ද සිය භාරගෙන ගෙන තිබේ.


සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..