brand logo
logo
පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්

09 October 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.


ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම හමුව පැවති බව සඳහන්ය.


එහිදී‌ මෙරට වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් එක්ව සිටියහ.


අදාළ සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගීවූයේ වෛද්‍ය රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ සංජීව එරිදිමාන්න යන මහත්වරුන්ය. 

 

More News..