brand logo
logo
 ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට නව නීතියක්

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට නව නීතියක්

17 September 2026


ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙනඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.


මීට අමතරව, තාවකාලික වීසා මත සිටින පිරිසට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සඳහා වන නීති ද තද කිරීමට නියමිතය.


ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් (Tony Burke) විසින් මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව නිල වශයෙන් දැනුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


දැනට වසරකට 300,000ක් පමණ වන විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා අඩු කිරීමට එරට රජය ඉලක්ක කරයි.


දැනට පවතින නීතිවලට අනුව, සිසුන්ගේ සහකරුවන්ට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීමටත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් කැඳවාගෙන ඒමටත් අවස්ථාව තිබුණි.

 

More News..