brand logo
logo
අවුරුදු කැවිලි මිල උඩ යයි

අවුරුදු කැවිලි මිල උඩ යයි

09 April 2026 | සාලිය කුමාර ගුණසේකර

ගෑස් සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අවුරුදු කැවිලි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. මේ අනුව, ආස්මි එකක මිල රුපියල් 180 ත් 200 ත් අතර මිලක් දක්වාද, කොණ්ඩ කැවුමක මිල රුපියල් 90 ත් 100 ත් අතර මිලක් දක්වාද, පැණි වළල්ලක මිල රුපියල් 100 ක් දක්වාද, මුං කැවුමක මිල රුපියල් 80 ක් දක්වාද, කොකිස් එකක මිල රුපියල් 40 ක් දක්වාද, අළුවා කැටයක මිල රුපියල් 70 ක් දක්වාද වැඩිවී ඇත.


අතිරස එකක මිල රුපියල් 80 ක් වන අතර, පොල් ටොපියක මිල රුපියල් 20 කි.


පොල් තෙල් බෝතලයක මිල රුපියල් 700 ත් 750 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද රස කැවිලි නිෂ්පාදකයෝ කියා සිටිති.


මීට අමතරව, කේක් ආදියෙහි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. බටර් කේක් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලකටය.

 

More News..