සටන් විරාමය මැද ඊශ්රායලයෙන් ලෙබනනයට ප්රහාර
25 April 2026
සටන් විරාමය මැද ඊශ්රායලයෙන් ලෙබනනයට ප්රහාර
25 April 2026
ලෙබනනයේ ක්රියාත්මක සටන් විරාමය අතරතුර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්රායල හමුදා අතර අඛන්ඩව ප්රහාර හුවමාරු වෙමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
හිස්බුල්ලා සංවිධානය ඊශ්රායලයට එල්ල කළ ප්රහාරවලට ප්රතිචාර ලෙස ඔවුන් ඉලක්ක කරගනිමින් දකුණු ලෙබනනයේ ප්රදේශ තුනකට ප්රහාර එල්ල කළ බව ඊශ්රායල ආරක්ෂක බලකාය සදහන් කර ඇත.
හිස්බුල්ලා සංවිධානයෙන් සිය ජනතාවට එල්ල වන තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ඔවුන් ප්රකාශ කර තිබේ.
පසුගිය 23 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඊශ්රායලය සහ ලෙබනනය සටන් විරාමයකට එළඹුනු නමුත් සටන් විරාමය උල්ලංඝනය කරමින් ප්රහාර එල්ල කරන බවට හිස්බුල්ලා සංවිධානය මෙන්ම ඊශ්රායලය එකිනෙකාට චෝදනා එල්ල කර ඇත.

