brand logo
logo
සිතුල්පව්ව පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන්

සිතුල්පව්ව පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන්

05 March 2026

ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය සහ පෙරහර මංගල්‍ය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.


සෑම වසරකම පැවැත්වෙන මෙම පිංකම් මාලාව සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත්, අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් මංගල්‍ය සාර්ථක කර ගැනීමට රජය දක්වන කැපවීම අගය කරන බව විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේලා මෙහිදී ප්‍රකාශ කළහ.


සිතුල්පව්ව විහාරස්ථානයට පිවිසෙන මාර්ගය වසරින් වසර අලුත්වැඩියා කිරීමට සිදු වන බැවින් එයට ස්ථීර විසඳුමක් ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.


ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන , සිතුල්පව්ව රජමහා විහාරාධිපති ලේල්වල සමිත නාහිමි වරුද, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

More News..