brand logo
logo
තිලකරත්න ඩිල්ශාන්ගේ සහාය සජිත්ට

තිලකරත්න ඩිල්ශාන්ගේ සහාය සජිත්ට

14 August 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ සහාය දැක්වීමට තීරණය කර තිබේ.


සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඔහු සමගි ජන බලවේගය හා එක්ව ඇත.


වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.


මේ අතර පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වුණි.


 

More News..