brand logo
logo
කර්මාන්තකරුවන්ට සහන දෙන්න වෙන් කළ රු.බිලියනය පුස්කයි

කර්මාන්තකරුවන්ට සහන දෙන්න වෙන් කළ රු.බිලියනය පුස්කයි

11 January 2026 | නිර්මාණි තිලකසිරි


‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන් වෙත සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යංශය මගින් කර්මාන්ත අමතර ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත දී ඇති රුපියල් බිලියනයක මුදලක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය තවමත් යොදා නොගැනීම පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුව ඇත.


ජනාධිපති සහ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු විය. අමතර මුදල් දීම සලකා බැලීමට ප්‍රථමයෙන් දැනට වෙන්කර ලබා දී තිබෙන මුදල් නිසි ලෙස යෙදවීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මෙහිදී මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.


ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 25 ක කාරක ප්‍රාග්ධනය ණය සහ ආයෝජන යෝජනාක්‍රමයක් සියයට පහක පොලියට රුපියල් මිලියන 25 ක ණය ක්‍රමයක් මේ වන විටත් සකසා ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය. තවද මෙරට ආර්ථිකයට දායකවන සියලුම ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුත් කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා විය.


ඒ අනුව පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාපට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හට සහන සැලසීම පිළිබඳවද රජය අවධානය යොමුකර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ ය.

 

More News..