කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජලය පිටාර මට්ටමට
10 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජලය පිටාර මට්ටමට
10 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ අද (10) උදෑසන වන විට කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 1.2ක් දක්වා ලගා වී ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුළ මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.4ක් දක්වා ලගාවී ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුළ මිලිමීටර් 29ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත් එම ජලාශභාර ඉංජිනේරුවන් පවසයි.
එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යැමත් සමඟ කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බව ද සඳහන් වෙයි.
මේ අතර, ජලාශවල ජල මට්ටම ඉහළයෑමෙනෙ වාන් දොරටු විවෘත කිීමට ආසන්න නිසා මස්කෙළි ඔය ජලාශය දෙපස පදිංචිකරුවන් සැළකිලිමත්ව සිටින ලෙස විදුලි බලාගාර මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

