බොරතෙල් මිල ඉහළට
17 October 2026
බොරතෙල් මිල ඉහළට
17 October 2026
ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉකුත් මැයි මාසයේ පසු පළමුවරට බ්රෙන්ට් මිල ඩොලර් 110 සීමාවද පසුකර තිබේ.
හෝමූස් සමුද්ර සන්ධියේ ඉරාන ප්රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල ප්රහාර සහ රුසියානු තෙල් පිරිපහදුවලට දිගින් දිගටම ප්රහාර එල්ල කරන බවට යුක්රේනය කළ ප්රකාශය හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්රයෙන් ඉහළගොස් ඇත.
ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය මැයි මාසයෙන් පසුව ප්රථම වතාවට එක් අවස්ථාවකදී ඩොලර් 110 සීමාව දක්වා ඉහළ ගියේය.
කෙසේ නමුත් පසුව තරමක් පහත බැස 3.7% ක වර්ධනයක් සහිතව ඩොලර් 109.86ක් ලෙස සටහන් විය.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 3.5%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 101.41ක් ලෙස සටහන් වූ අතර, මේ සතිය තුළ පමණක් WTI මිල 10%කට වඩා සහ බ්රෙන්ට් මිල 5%කට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් තිබේ.

