brand logo
logo
 කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

25 May 2026


බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද (25) ප්‍රකාශයට පත්කළේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20 නායකත්වයට කුසලක් මෙන්ඩිස් නම් කර ඇත.


එමෙන්ම නායක ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි මෙම තරගාවලියේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.


මෙම තරගවලියේ පළමුව එක්දින තරගාවලියත්, අනතුරුව විස්සයි-20 තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා හෙට (26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත.


ප්‍රකාශයට පත් කරන ලද නිල සංචිත පහත පරිදි වේ,


ටෙස්ට් සංචිතය


ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබන අතර, උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.


පැතුම් නිස්සංක, ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස් - (උපනායක), සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා - (නායක), මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත



එක්දින සංචිතය 


එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත හිමිව ඇති අතර, එහි උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.


පැතුම් නිස්සංක, කමිල් මිෂාර, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් - (නායක), ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් - (උපනායක), මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්


විස්සයි20 සංචිතය


විස්සයි20 කණ්ඩායම සඳහා ද කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙන අතර, කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.


පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් - (නායක), කමිඳු මෙන්ඩිස් - (උපනායක), දසුන් ශානක, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු,නුවන් තුෂාර.


තරග කාලසටහන


එක්දින


ජූනි 03 - පළමු තරගය සබීනා පාර්ක්

ජූනි 06 - දෙවන තරගය සබීනා පාර්ක්

ජූනි 08 - තෙවන තරගය සබීනා පාර්ක්


විස්සයි20


ජූනි 11 - පළමු තරගය සබීනා පාර්ක්

ජූනි 13 - දෙවන තරගය සබීනා පාර්ක්

ජූනි 14 - තෙවන තරගය සබීනා පාර්ක්


ටෙස්ට්


ජූනි 18 - 21 - සිව්දින තරගය CCG

ජූනි 25 - 29 - පළමු තරගය SVRS, ඇන්ටිගුවා

ජූලි 03 - 07 - දෙවන තරගය SVRS, ඇන්ටිගුවා

 

More News..