ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000ට ළංවෙයි
04 August 2026
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000ට ළංවෙයි
04 August 2026
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව ඊයේ (03) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 86,947ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය.
අගෝස්තු මාසය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 1,598ක් වාර්තා වී ඇත.
මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ප්‍රතිශතයක් ලෙස 21.24%කි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 17,187ක් සහ මහනුවරින් රෝගීන් 6,082ක් වාර්තා වී තිබේ.
අද වනවිට ඩෙංගු මරණ 62ක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.07%කි.

