නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනෙකු අත්අඩංගුවට
28 April 2026
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනෙකු අත්අඩංගුවට
28 April 2026
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර, මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩා ඉරිප්පු වෙරළ ප්‍රදේශයේ ඊයේ (27) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර, මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද පුද්ගලයින් තිදෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 450ක් ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මේ අතර, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 44ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.
සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, කිමිදුම් උපකරණ සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

