වනුආටු ආසන්න මුහුදේ ප්රබල භූකම්පනයක්
24 October 2026
වනුආටු ආසන්න මුහුදේ ප්රබල භූකම්පනයක්
24 October 2026
වනුආටු (Vanuatu) රාජ්යයට අයත් සෝලා ප්රදේශයට බටහිර දෙසින් පිහිටි සාගර කලාපයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදු වී ඇති බව අමෙරිකානු භූ විද්යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කළේය.
එම ආයතනයේ නිවේදනයට අනුව, මෙම භූමිකම්පාව සෝලා ප්රදේශයේ සිට කිලෝමීටර් 200ක් පමණ බටහිරින් පිහිටි මුහුදු තීරයේ සිදුව ඇත.
සාගර පතුලේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් මෙය හටගෙන ඇති බවද අමෙරිකානු භූ විද්යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් පැවසීය.
ලක්ෂ 3කට (335,908) තරමක් වැඩි ජනතාවක් ජීවත්වන වනආටු, දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති මෙලනීසියානු දූපත් රාජ්යයකි.
ගිනිකඳුවලින් සමන්විත දූපත් සමූහයක් ඇති මෙය ඔස්ට්රේලියාවට කිලෝමීටර 1,750ක් නැගෙනහිරින් පිහිටා ඇත.

