නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ
26 August 2026
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 18දෙනෙකු මියගොස් ඇති අතර, විදේශීය සංචාරකයින් 291දෙනෙකු ඇතුළුව තවත් 400දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීම මීට හේතු වී ඇත.
ගංවතුර හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ පිහිටි ප්‍රධාන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද විනාශ වී ඇත.
ඊට අමතරව රසුවා දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව ඇති අතර, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි වාර්තා වී තිබේ.

