brand logo
logo
සැකකරුවෙකු මියයාමේ සිද්ධියෙන් කොබෙයිගනේ පොලිස් නිලධාරීන් 3කගේ වැඩ තහනම්

සැකකරුවෙකු මියයාමේ සිද්ධියෙන් කොබෙයිගනේ පොලිස් නිලධාරීන් 3කගේ වැඩ තහනම්

30 October 2026


පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු නිකවැරටිය රෝහලේදී මිය යාමේ සිද්ධියට කොබෙයිගනේ පොලිසියේ සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක්කර තිබේ.


මේ සම්බන්ධයෙන් අද විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, රාජකාරි පැහැර හැරීමක් මත මෙම වැඩ තහනම පනවා ඇති බවය.


කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දීමෙන් පසු, සැකකරු පොලිස් භාරයේ සිට රෝහල් ගතකිරීමෙන් පසු ඉකුත් 27වැනිදා මියගොස් තිබුණි.

 

More News..