brand logo
logo
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණය කෙරේ

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණය කෙරේ

10 March 2026

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළීබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.


මෙම යෝජිත ව්‍යාපෘතිය කිරිම සඳහා වූ යෝජනාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.


2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ විධිවිධාන යටතේ ස්ථාපත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එකී කොමිෂන් සභාව වෙත පනතේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කරනු ලබන අභියාචනා විභාග කිරීම හා ඒ සම්බන්ධයෙන් තීරණයන්ට එළඹීම සිදු කරනු ලබයි.ඒ සඳහා දැනට කොමිෂන් සභාව සතුව පවතින තාක්ෂණික මෙවලම්වල සීමිත බව හේතුවෙන් අභියාචනා විභාග කිරීමේ ක්‍රියාවලිය ඇතුලු සමස්ත ක්‍රියාවලිය ලේඛනගතව සිදු කෙරෙමින් පවතී.


එබැවින් කොමිෂන් සභාවේ රාජකාරි කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීමේ අරමුණ සහිතව එහි මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ නිර්දේශ මත “විවෘත සමාජ පදනම“ ඇමරිකානු ඩොලර් 200,000 ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.ඩිජිටල්ක්රණය සඳහා අවශ්‍ය යන්ත්‍ර උපාංග මිලදී ගැනීම ,මෘදුකාංග සංවර්ධනය කිරීම , අත්‍යශ්‍ය මානව සම්පත් , විශේෂඥ දැනුම ලබා ගැනීම සහ වත්මන් කාර්යමණ්ඩල ධාරිතා සංවර්ධනය යන කාර්යයන් සඳහා එකී ප්‍රදානය යොදා ගැනීමට සැලසුම් කර ඇත.

 

More News..