brand logo
logo
ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 July 2026


මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානු පිරිස් වෙත "දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස" අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.  


අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, "මැද පෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ ලෙස ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ හැකියාවක්" පවතින බව සඳහන් වේ.  


එමෙන්ම මැද පෙරදිගට පරිබාහිරව පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයන් පවා ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බවත්, ඉරානය සහ ඉරානයට සහාය පළකරන සංවිධාන විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු ආයතන, ව්‍යාපාර හෝ අමෙරිකානු ජාතිකයන් ගැවසෙන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙයි.


මෙයට අමතරව, දැනට මැද පෙරදිග කලාපයේ රැඳී සිටින අමෙරිකානු ජාතිකයන්ට ගුවන් ගමන් අවලංගු වීම් සහ ගමන් බාධා කිරීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දන්වා සිටින අතර, දැනට මැද පෙරදිගින් පිටත සිටින අමෙරිකානුවන් එම කලාපය හරහා ගමන් කිරීම හෝ සංචාරය කිරීම ගැන නැවත සලකා බලන ලෙස අමෙරිකානු රජය වැඩිදුරටත් උපදෙස් දී ඇත.

 

More News..