brand logo
logo
ගිනිඅවි 4ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

ගිනිඅවි 4ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

29 September 2026


මෙරට නිෂ්පාදිත පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.


බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.


මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ පුතා වන මලීෂ නැමැත්තාට අදාළ ගිනිඅවි අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..