නීතිය හමුවේ සියලුදෙනා සමාන බව හරිනි කියයි
15 September 2026
නීතිය හමුවේ සියලුදෙනා සමාන බව හරිනි කියයි
15 September 2026
නීතිය හමුවේ සියලුදෙනා සමාන බවත්, තරාතිරමක් ඊට අදාළ නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
අදට යෙදී ඇති අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (15) සංවිධානය කරතිබූ උත්සවයකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.
එලෙසම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වත්මන් පාලනය යටතේ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය පවසයි.
දේශපාලන අතපෙවීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ නිදහස පොලීසියට, අධිකරණයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණ පද්ධතියට ලබාදීම අවශ්‍ය බවද එය වර්තමාන පාලනය යටතේ ලබා දී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසීය.

