brand logo
logo
මෙරට කොන්ඩම් මිල ගණන් ඉහළ යන්නේ නෑ

මෙරට කොන්ඩම් මිල ගණන් ඉහළ යන්නේ නෑ

23 April 2026

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොන්ඩම්) වල මිල ගණන් ඉහළ යාමේ අවදානමක් මතුවී තිබුණත් මේ මොහොතේදී මෙරට කොන්ඩම් මිල ගණන් ඉහළ නොදමන බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කියා සිටී.


මෙරට කොන්ඩම් අතර සියයට 90 ක අලෙවියක් ඇති කොන්ඩම් වර්ගය ඇතුළු කොන්ඩම් වර්ග හයක් මෙරටට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයය.


එහි ප්‍රකාශකයන් ‘අරුණ’ ට කියා සිටියේ මෙම වසරට අවශ්‍ය තොග ගබඩාවල තිබෙන බවයි.


මෙරටට අවශ්‍ය උපත් පාලන කොපු වැඩි වශයෙන් ගෙන එනු ලබන්නේ තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය යන රටවලිනි.


මේ වනවිට ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුද ගැටුම් හේතුවෙන් කොන්ඩම් නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩිවී ඇත.


ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා ලෙස සැලකෙන මලයාසියාවේ කැරෙක්ස් (Karex Bhd) සමාගම සිය නිෂ්පාදනවල මිල සියයටය විස්සත්, තිහත් අතර ප්‍රමාණයන්ගෙන් වැඩි කිරීමට යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි.

 

More News..