brand logo
logo
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය කොටුවෙයි

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය කොටුවෙයි

02 November 2026


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'බඩෝවිට අසංකගේ' මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ බව කියන ප්‍රධාන සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් 'බඩෝවිට අසංක' නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට සැකකෙරෙන මෙම කාන්තාව ඊයේ (01) දෙහිවලදී අත්අඩංගුවට ගෙන ඇත.


විශේෂ කාර්ය බළකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් දෙහිවල පොලිස් වසමේ ගල්කිස්ස, අබේසේකර පාරේ නිවසක් ඉදිරිපිටදී මෙම වැටලීම සිදුකර තිබුණි.


එහිදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 600ක් සොයාගෙන ඇත.


මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සැකකාරිය දීර්ඝ කාලයක සිට 'බඩෝවිට අසංකගේ' මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් කටයුතු කර ඇති බවය.


අත්අඩංගුවට ගත් සැකකාරිය සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

 

More News..