brand logo
logo
හිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දුවක්

හිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දුවක්

29 September 2026


ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් හිටපු ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.


ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වී ඇත.


ඊට අමතරව අවභාවිතා කළ වාහනයේ ඡායාරූපයත් සමඟ සමාව ඉල්ලා භාෂා තුනකින් පුවත්පත්වල දැන්වීම් පළ කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අමාත්‍ය ෆවුසි මහතාට නියම කර තිබේ. 

 

More News..