මෙටා සමාගමට ඉතාලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 887ක දඩයක්
15 November 2026
මෙටා සමාගමට ඉතාලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 887ක දඩයක්
15 November 2026
නිසි අවසරයකින් තොරව පරිශීලකයින්ගේ ඡායාරූප වෙත ප්‍රවේශවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය හිමි මෙටා සමාගමට ඉතාලියේ දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 887ක දඩයක් නියම කර තිබේ.
ඇන්ඩ්රොයිඩ් පරිශීලකයින් මිලියන 20කගේ පමණ ඡායාරූප හා වීඩියෝ වෙත ෆේස්බුක්හි විශේෂාංගයක් හරහා නිසි අවසරයකින් තොරව ප්‍රවේශ වී ඇති බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙටා සමාගමට අදාළ දඩය පැනවීමට එම අධිකාරිය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් සමාජ මාධ්‍ය ජාලයකට එරෙහිව පැනවු විශාලතම දඩ මුදල මෙය වන බව සඳහන් වෙයි.
කෙසේවෙතත් අදාළ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට මෙටා සමාගම සැලසුම් කර ඇති බව එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.


