brand logo
logo
ෂාරුක් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු 3කට නොතීසි

ෂාරුක් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු 3කට නොතීසි

17 August 2026


ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂ්‍රොෆ් වෙත 'විමල් ඉලයිචි' (Vimal Elaichi) දැන්වීම හරහා වක්‍රාකාරයෙන් "pan masala" නම් දුම්කොළ මිශ්‍ර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආහාර සුරක්ෂිතතා අංශය විසින් නොතීසි නිකුත් කර තිබේ.


අදාළ දැන්වීම් වහාම අත්හිටුවන ලෙසත්, ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියලුම ප්‍රවර්ධන අන්තර්ගතයන් ඉවත් කරන ලෙසත් නළුවන්ට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ "pan masala" නිෂ්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදා හැරීම සහ විකිණීම තහනම් කර ඇති පසුබිමක් තුළ, මෙම දැන්වීම මඟින් 'Vimal' වෙළෙඳ නාමය "pan masala" සමඟ සම්බන්ධ කර පෙන්වමින් පාරිභෝගිකයන් නොමඟ යවන බව සහ තහනම් නිෂ්පාදනයක් වක්‍රාකාරයෙන් ප්‍රවර්ධනය කරන බව පිටු නවයකින් යුත් නොතීසි පතෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.


මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10ත් ලක්ෂ 50ත් අතර දඩ මුදල් නියම විය හැකි අතර, වසර තුනක් දක්වා වන කාලයක් සඳහා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීම තහනම් කිරීමටද හැකියාව පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.


මීට පෙර 2022 වසරේදීද නළු අක්ෂේ කුමාර් මෙවැනිම දැන්වීමකට පෙනී සිටීමෙන් පසු මහජන විරෝධය හමුවේ ඉන් ඉවත්ව තිබුණි.

 

More News..