හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධාවක්
23 September 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධාවක්
23 September 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ප්‍රදේශයට මායිම්ව විශාල කොස් ගසක් විදුලි පද්ධතියක් සමග මාර්ගයට කඩා වැටිමෙන් ඊයේ (22) දින සවස් කාලයේ එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට පැය කිපයක් බාධා එල්ල විය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කිතුල්ගල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි හා සුලං තත්වයන් මත කොස් ගසක් විදුලි රැහැන් පද්දතියට කඩා වැටි එම විදුලි රැහැන්ද සමග මාර්ගයට කඩා වැටි ඇති බවත්ය.
මේ පිලිබදව විදුලි බල මණ්ඩලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව එම ප්‍රදේශයේ විදුලි බලය විසන්ධි කර එකි විදුලි රැහැන් ඉවත් කිරිමෙන් පසු ගස කපා මාර්ගය යථා තත්වයට පත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

