ජපානයේ කාලගුණයත් අයහපත් අතට
21 September 2026
ජපානයේ කාලගුණයත් අයහපත් අතට
21 September 2026
ජපානයට එල්ල වී ඇති ප්‍රබල ‘‘ටයිෆූන්‘‘ සුළි කුණාටුව හේතුවෙන් මිලිමීටර් 300 ඉක්මවූ වාර්තාගත වර්ෂාපතනයක් ඇති විය හැකි බවට එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දුම්රිය ගමනාගමනය මෙන්ම ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු ද සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉදිරි දින කිහිපය තුළ ජපානයේ ප්‍රදේශ රැසකට අසාමාන්‍ය ලෙස ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවට කාලගුණ බලධාරීන් පූර්ව අනාවැකි පළ කරයි.
විශේෂයෙන්ම ටෝකියෝ කලාපයට මිලිමීටර් 350 කට ආසන්න තද වැසි ඇද හැලීමේ අවදානමක් පවතින අතර, එමගින් පහත් බිම් රැසක් දරුණු ලෙස ගංවතුරට යටවීමේ තර්ජනයක් ද මතුවිය හැකි බවට කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

